වැදගත්: මෙම ගිවිසුම ඔබ සහ Honor Suite (මෙම “මෘදුකාංගය”) භාවිතය පාලනය කරන HONOR Device Co., Ltd. (මින් පසු “HONOR” යනුවෙන් හැඳින්වෙන) අතර වන අවසන් පරිශීලක බලපත්රි ගිවිසුමකි. ස්ථාපනය කරන්න ක්ලික් කිරීම මගින් ඔබ විසින් මෙම ගිවිසුමේ අන්තර්ගතය සැළකිල්ලෙන් කියවා මෙහි අඩංගු සියළු නියමයන් පිළිගන්නා බව දක්වයි.

1. යෙදුමේ විෂය පථය
මෙම ගිවිසුම Honor Suite සඳහා පමණක් අදාළ වේ. මෙම ගිවිසුමෙන් ලබා දුන් අයිතිවාසිකම් වෙනත් කිසිඳු මෘදුකාංගයකට අදාළ නොවේ.

2. බුද්ධිමය දේපල අයිතිවාසිකම්
මෙම මෘදුකාංගය සඳහා සියළු බුද්ධිමය දේපළ අයිතිවාසිකම් HONOR වෙත අයත්වන අතර මහජන චීන සමූහාණ්ඩුවේ නීති, අන්තර්ජාතික කර්තෘ හිමිකම් ගිවිසුම්, සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පාලනය කරන අනෙකුත් අදාළ නිති සහ ගිවිසුම් මගින් ආරක්ෂා් කෙරේ.

3. බලපත්රියේ විෂය පථය
3.1 මෙම මෘදුකාංගය ගාස්තු රහිතව සපයනු ලැබේ. ඔබට මෙම මෘදුකාංගය වාණිජ නොවන අරමුණු සඳහා උපාංග ඕනෑම ගණනක් මත බාගත කිරීම, ස්ථාපනය සහ භාවිතය සිදුකළ හැකිය.
3.2 ඔබට මෙම මෘදුකාංගය වාණිජ නොවන අරමුණු සඳහා උපාංග ඕනෑම ගණනක් වෙත පිටපත් කිරීම, යැවීම සහ බෙදාහැරීම සිදුකළ හැකිය. කෙසේවෙතත්, මෙම මෘදුකාංගයේ යවන ලද හෝ බෙදාහැරි සියළු පිටපත් ඇතුළුව මෙම මෘදුකාංගයේ සියළු පිටපත් සම්පූර්ණ සහ විද්යුඋත් ලේඛන, කර්තෘ හිමිකම් දැන්වීම්, වෙළඳ සළකුණු සහ මෙම ගිවිසුම ඇතුළු මෙම මෘදුකාංගයට අඩංගු සියළු තොරතුරු අන්තර්ගත බව ඔබ තහවුරු කරගත යුතුය.

4. භාවිතය සීමා කිරීම්
4.1 ඔබ මෙම මෘදුකාංගය ප්ර ති ඉංජිනේරු කටයුතු, ප්රහතිති සම්පාදනය, හෝ විසම්පාදනය නොකළ යුතුය. අතිරේකව, ඔබ මෘදුකාංග ගොනුවල අඩංගු මූලාශ්රළයන්ගෙන් කිසිවක් සංස්කරණය නොකළ යුතුය.
4.2 ඔබ මෙම මෘදුකාංගය එකලස් රහිත කිරීම හෝ මෙම මෘදුකාංගය කොටසක් ලෙස හෝ සම්පූර්ණයෙන්ම අනෙක් මෘදුකාංග පද්ධතිවලට කාවැද්දවීම නොකළ යුතුය.
4.3 ඔබ මෙම මෘදුකාංගයේ අන්තර්ගත කිසිඳු කර්තෘ හිමිකම් ප්රකකාශයක් හෝ දැන්වීමක් මැකීම නොකළ යුතුය.
4.4 ඔබ කිසිඳු ව්යුගත්පන්න මෘදුකාංගයක් හෝ යෙදුම් සංවර්ධනය කිරීමට මෙම මෘදුකාංගය භාවිතා නොකළ යුතුය.
4.5 ඔබ නීතිවිරෝධී ක්රිඅයාකාරකම් කිසිවක යෙදීමට මෙම මාදුකාංගයේ විශේෂාංග කිසිවක් භාවිතා නොකළ යුතුය.
4.6 ඔබට මෙම ගිවිසුමෙන් ප්රතකාශිතව බලය ලබා නොදුන් සියලු අනෙකුත් හිමිකම් HONOR විසින් රඳවා ගනී.

5. වියාචනය
5.1 මෙම මෘදුකාංගය "පවත්නා තත්වයෙන්" සපයනු ලැබේ. මෙම මෘදුකාංගයෙන් සපයන සේවාවල කාලීනත්වය හෝ නිරවද්යකතාවය පිළිබඳ HONOR කිසිදු වගකීමක් ලබා නොදෙයි.
5.2 පාලනය කළ නොහැකි තත්ත්වයන්, පරිගණක වෛරස්, අනවසර පිවිසෙන්නන්ගේ ප්රුහාර, පද්ධතියේ අසංගතභාවය සහ අනෙකුත් විශේෂයෙන් දක්වා නැති නොකළ හේතු නිසාවෙන් මෙම මෘදුකාංගය මගින් සපයන සේවා හොඳින් ක්රිවයා නොකිරීමට ඉඩ ඇති බවට ඔබ මෙමගින් දැනුවත් වෙයි. HONOR හි වරද නොවන දත්ත දෝෂ හෝ දත්ත අහිමිවීම හේතුවෙන් ඔබට ඇතිවන පාඩු කිසිවකට HONOR වගකිවයුතු නොවේ.

6. භාවිත තොරතුරු
6.1 මෙම මෘදුකාංගයේ ඇති විශේෂාංගයන්ට Honor Suite ඔබගේ දුරකථනයේ ස්ථාපනය කිරීම අවශ්යw කෙරේ. ඔබ ඉල්ලීම් කළ සේවා ඉටුකිරීමට, භාවිතය අතරතුරදී, ඇමතුම් සිදුකිරීම, පාඨ පණිවුඩ යැවීම සහ ඔබගේ සබඳතාවලට පිවිසීම සඳහා අවසර ඇතුලු, සමහර දුරකථන අවසර වෙත ප්රඇවේශය මෙම මෘදුකාංගයට අවශ්යි විය හැකිය.
6.2 HONOR නිල මෙහෙයුම් පද්ධතිය ධාවනය වන දුරකථන මත ස්ථාපනය කිරීමට පමණක් මෙම මෘදුකාංගය සැලසුම් කර ඇත. HONOR නිල මෙහෙයුම් පද්ධතිය ධාවනය නොවන උපාංග මත මෙම මෘදුකාංගය ස්ථාපනය කරන පරිශිලකයන් සඳහා මෙම මෘදුකාංගය මගින් සපයන සේවාවල ගුණාත්මකබව පිළිබඳ HONOR කිසිඳු වගකීමක් නොදරයි. 
6.3 HONOR විසින් කලින් කලට මෙම මෘදුකාංගය සඳහා යාවත්කාල සැපයිමට හැකිය. අඛණ්ඩව සේවා සම්පාදනය තහවුරු කිරීමට, මෙම මෘදුකාංගයේ මෙම අනුවාදය ඔබගේ දුරකථනයේ ස්ථාපිත Honor Suite අනුවාදයට ගැලපිය යුතුවේ.

7. අවසන්කිරීම
ඔබ මෙම ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි වලට අනුකූල නොවන්නේ නම්, ඕනෑම වේලාවක මෙම ගිවිසුම අවසන්කිරීමේ අයිතිය HONOR සහ/හෝ එහි බලපත්රේකරුවන් විසින් රඳවා ගනී. මෙම ගිවිසුම පවාරණය කිරීමෙන් පසු, ඔබ මෙම මෘදුකාංගය භාවිතය වහාම නවත්වා ඔබ ඔබගේ පරිගණකයට ස්ථාපනය කළ හෝ පිටපත් කළ සියලු මෘදුකාංග සහ අදාළ සියලු දත්ත මැකිය යුතුය. 

8. සීමිත වගකීමයි
8.1 මෙම ගිවිසුමෙහි ප්ර කාශිතව ලබාදී ඇති වගකීම් හැර, සුවිශේෂී අරමුණක් සඳහා වෙළඳ හැකියාව සහ යෝග්ය්තාවයේ වගකීම ඇතුළත්ව නමුත් එයට සීමා නොවී ප්රකකාශිත හෝ ව්යංවග වෙනත් කිසිදු වගකීමක් HONOR සිදු නොකරයි.
8.2 තෙවන පාර්ශ්ව අයිතීන් උල්ලංඝනය නොකිරීම සම්බන්ධයෙන් HONOR කිසිඳු වගකීමක් නොදරයි.

9. සීමිත වගකීම
9.1 අනපේක්ෂිරත අවස්ථා, අයථා භාවිතය, පීඩා කිරීම, හෝ මෙම මෘදුකාංගයේ අවසර නොලත් නවීකරණය හේතුවෙන් ඇතිවූ මෘදුකාංග ගැටලු හේතුවෙන් HONOR වගකිවයුතු නොවන අතර වගකීමක් නොදරයි. 
9.2 කිසිඳු ව්යා පාරික ලාභ අහිමිවීමක්, ව්යාවපාරය බාධාවීම, තොරතුරු හෝ දත්ත අහිමිවීම ඇතුලුව එයට සීමා නොවී මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් හටගන්නා ආනුශංගික, වක්රව, හෝ දණ්ඩනීය හානි කිසිවක් සඳහා HONOR වගකිවයුතු නොවේ. එවැනි හානි සිදුවීමේ හැකියාවක් පිළිබඳ උපදෙස් ලබාදුන්නද HONOR වගකිවයුතු නොවේ. 

10. අනුවාදන යාවත්කාල
10.1 අනාගතයේදී මෙම මෘදුකාංගය සඳහා අනුවාද යාවත්කාල නිදහස් කරන්නේද යන්න තීරණය කිරීමේ අයිතිය HONOR රඳවාගනී.
10.2 ප්රwතිස්ථාපන බලපත්ර  ගිවිසුමක් නිකුත් නොකෙරේ නම්, මෙම ගිවිසුම මෙම මාදුකාංගයේ යාවත්කාල කළ අනුවාදවලට තවමත් අදාළ විය යුත්තේය.
10.3 මෙම මෘදුකාංගය යාවත්කාල කළ අනුවාදයක් ලෙස සලකුණු කර ඇතිනම්, ඔබ මෙම ගිවිසුමට අනුකූල විය යුතුය.

11. ලිඛිත සන්නිවේදන
මෙම ගිවිසුමට අදාළ සියලු සන්නිවේදන ලිඛිතව සිදුකළ යුතුය.

12. වෙනත්
12.1 ඔබ යුරෝපා සංගමය පදනම් කරගත් පාරිභෝගිකයෙකු නම්, මෙම ගිවිසුම ජර්මනියේ නීති මගින් පාලනය විය යුත්තේය.මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඔබ සහ HONOR අතර ඕනෑම ආරවුලක් අධිකරණ කටයුතු සඳහා ජර්මනියේ අධිකරණ බලප්රුදේශයක් සහිත අධිකරණයකට ඉදිරිපත් කළ යුත්තේය. ඔබ වෙනත් රටක් හෝ කලාපයක් පදනම් කරගත් පාරිභෝගිකයෙකු නම්, මෙම ගිවිසුම මහජන චීන සමූහාණ්ඩුවේ නීති මගින් පාලනය විය යුත්තේය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වන ඕනෑම ආරවුලක් සුහදව සාකච්ඡා කිරීමෙන් නිරාකරණය කළ යුත්තේය. සාකච්ඡා කිරීමෙන් ආරවුල නිරාකරණය කළ නොහැකි අවස්ථාවකදී, ආරවුල අධිකරණ කටයුත්තකින් විසඳීම සඳහා ෂෙන්ෂෙන් ලොංගැංග් දිස්ත්රිකක්කයේ මහජන අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
12.2 වාචික ගිවිසුම්වලට එළඹීම් සිදු කර නැත
12.3 කිසිඳු හේතුවක් සඳහා, මෙම ගිවිසුමේ කිසිදු විධිවිධානයක් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් අවලංගු හෝ බලාත්මක කළ නොහැකි වන්නේ නම්, හෝ අදාළ නීති කිසිවක් උල්ලංඝනය කරන්නේ නම්, එම විධිවිධානය විභේද්ය  ලෙස සැලකිය යුත්තේය. කෙසේවෙතත්, අනෙක් විධිවිධානවල වලංගුතාවය සහ බලාත්මක කිරීමේ හැකියාවට මෙමගින් බලපෑම් නොකල යුත්තේය.
12.4 HONOR විසින් මෙම ගිවිසුම කලින් කලට යාවත්කාල කර, නවීකරණය කළ අනුවාදය නීතිය මගින් අවසර ලබාදී ඇති ආකාරයන්ගෙන් ඔබට එවීමට ඉඩ ඇත. ඔබ HONOR හි මෙම ගිවිසුම නවීකරණය කිරීම පිළිනොගන්නේ නම්, ඔබ මෙම මෘදුකාංගය භාවිතය වහාම නැවැත්විය යුතුය. HONOR හි යාවත්කාලය ලැබීමෙන් පසුව ඔබ මෙම මෘදුකාංගය භාවිතා කිරීම අඛණ්ඩව සිදු කරන්නේ නම්, ඔබ මෙම ගිවිසුමෙහි HONOR හි නවීකරණය පිළිගන්නා බව ඔබ දක්වන්නේය.

13. සම්පූර්ණ ගිවිසුම
මෙහි සඳහන් වස්තු විෂයට අදාළ පාර්ශ්වයන් අතර සම්පූර්ණ ගිවිසුම මෙම ගිවිසුම සහ එහි අනුබද්ධිතයන් මගින් පිහිටුවන අතර වස්තු විෂයට අදාළ පෙර ප්රසකාශිත හෝ ව්යංවග්යි නියෝජනයන්/ හෝ ගිවිසුම් ප්ර තිස්ථාපනය කරයි. මෙම ගිවිසුමෙහි මෙම මෘදුකාංගයට අදාළ HONOR හි බැඳීම් සියල්ල අන්තර්ගත වේ.
