හිතවත් පරිශීලකයිනි,
Huawei Device Co., Ltd. සහ එහි ගෝලීය අනුබද්ධිතයන් ("Huawei" හෝ "අපි/අපගේ/අප") ඔබේ පුද්ගලිකත්වය ඔබට කෙතරම් වැදගත් වන්නේද යන්න වටහා ගෙන ඇති අතර අපි සම්පූර්ණයෙන්ම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කැප වී සිටින්නෙමු. කරුණාකර මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය (“මෙම ප්‍රතිපත්තිය”) පුළුල් වශයෙන් කියවා, වටහාගෙන, එකඟ වීමකින් තොරව ඔබේ කිසිදු පුද්ගලික හෝ රහස් දත්තයක් Huawei වෙත එවීම හෝ සැපයීම සිදු නොකරන්න.
මෙම ප්‍රතිපත්තිය අප සකසා ඇත්තේ ඔබට පහත දේ වටහා ගැනීම පිණිසය:
1) Huawei ඔබේ පෞද්ගලික දත්ත භාවිතා කරන ආකාරය
2) Huawei කුකීස් සහ ඊට සමාන තාක්ෂණ භාවිතා කරන ආකාරය
3) Huawei ඔබේ පුද්ගලික දත්ත අනාවරණය කරන ආකාරය
4) ඔබේ පුද්ගලික දත්ත වෙත පිවිසෙන, නවීකරණය කරන හා වෙනස් කරන ආකාරය
5) Huawei ඔබේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරන ආකාරය
6) Huawei දරුවන්ගේ පුද්ගලික දත්ත හසුරුවන ආකාරය
7) තෙවන පාර්ශ්ව සපයන්නන් හා ඔවුන්ගේ සේවාවන්
8) ඔබගේ පුද්ගලික දත්ත ජාත්‍යන්තරව මාරු කරන ආකාරය
9) මෙම ප්‍රතිපත්තිය යාවත්කාලීන කරන ආකාරය
10) අන්තර්ජාතික පරිශීලයන්ය
11) Huawei වෙත සම්බන්ධ වන ආකාරය
මෙම ප්‍රතිපත්තිය Huawei හි පාරිභෝගික මට්ටමේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන එනම්, විශේෂංග දුරකථන, ස්මාට් දුරකථන, ටැබ්ලට්, නිවාස උපාංග, දත්ත කාඩ්පත්, පරිගණක යෙදුම්, මෙවලම්, මෘදුකාංග, වෙබ් අඩවි හා මෙම ප්‍රතිපත්තියට සබැඳි හෝ එය සංදර්ශනය කරන සේවා වලට තනිකරම අදාල වෙන බව කාරුණිකව සලකන්න.
පුද්ගලික හා රහස්‍ය දත්ත Huawei විසින් හසුරුවන ආකාරය හා ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට Huawei කැප වී ඇති ආකාරය මෙම ප්‍රතිපත්තිය මගින් විස්තර කෙරේ. කෙසේවෙතත්, දත්ත සැකසුමට අදාල සියිළු කරුණු වෙත ආමන්ත්‍රණය කිරීමට තරම් එක් ප්‍රතිපත්තියක් ප්‍රමාණවත් ලෙස විස්තෘත නොවෙනු ඇත. එබැවින්, වෙනත් දත්ත එකතු කිරීම් අරමුණු පිළිබඳව ඔබට දැනුම් දීම සඳහා මෙම ප්‍රතිපත්තයට අතිරේකයක් ලෙස නිෂ්පාදනයකට හෝ සේවාවකට නිශ්චිත වන අතිරේක තොරතුරු Huawei විසින් සපයනු ඇත. නිශ්චිත නිෂ්පාදනයක් හෝ සේවාවක් සම්බන්ධව අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපගේ ප්‍රතිපත්තිය මෙන්ම අතිරේකයන්ද කියවන ලෙස ඔබට නිර්දේශ කෙරේ.
පුද්ගලික දත්ත යනු පුද්ගලයෙකු තනි වශයෙන් හඳුනාගත හැකි තොරතුරු හෝ නම, උපන්දිනය, ලිපිනය, හඳුනාගැනීම් අංකය, දුරකථන අංකය, ගිණුම් අංකය, ඡායාරූපය හා ඉහත සඳහන් කළ නිෂ්පාදන හෝ සේවාවන් භාවිතා කරන වේලාව හා ස්ථානය යනාදී තොරතුරු සමූහයක් වශයෙන් පුද්ගලයෙකු හඳුනාගත හැකි තොරතුරුය. Huawei විසින් ඔබගේ පුද්ගලික තොරතුරු එකතු කරනු හෝ භාවිතා කරනු ඇත්තේ මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇති අරමුණු සඳහාමය. අප එකතු කරන පුද්ගලික දත්ත වල ආකාරය පිළිබඳ උදාහරණ හා අප ඒවා භාවිතා කරන ආකාරය පහත පරිදි වේ:
1) Huawei විසින් එකතු කරනු ලබන පුද්ගලික දත්ත
අප ඔබගෙන් විවිධ වූ පුද්ගලික දත්ත එකතු කරනු ඇත, උදා. ඔබගේ නම, පැතිකඩ පින්තූරය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, වයස හා පිහිටීම් විස්තර. අප විසින් එකතු කරනු ලබන පුද්ගලික දත්තවල ආකාරය පිළිබඳව උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
a. ඔබ ඍජුවම සපයන තොරතුරු- අපගේ සේවාවන් ගණනාවක් ඔබට ගිණුම් හෝ පැතිකඩ තැනීමට ඉඩ සලසනු ලබයි. ඔබගේ ඊමේල් ලිපිනය, භාරදීම් ලිපිනය, දුරකථන අංකය, නිෂ්පාදන තොරතුරු, මිලදී ගත් කාලය හා ගෙවීම් ක්‍රමය යනාදී වූ අවශ්‍ය ගිණුම් තොරතුරු සැපයීමට අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. අන්තර්ගතය ඔබගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමට ඔබ Huawei සේවාවන් භාවිතා කරන්නේ නම්, අප ඔබගේ මිතුරන්ගේ සබඳතා තොරතුරු, උදාහරණ ලෙස ඔවුන්ගේ නම්, පැතිකඩ රූපය, දුරකථන අංකය හා ඊමේල් ලිපිනය, ලබාගැනීමට සිදු වෙනු ඇත. අපගේ සේවාවන් සමහරක් අනෙක් පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීමට හා හුවමාරු කිරීමට ඔබට උපකාර කරයි. එම සන්නිවේදනය හා හුවමාරු කරගත් තොරතුරු ආරාක්ෂාකාරී ලෙස සැකසෙනු ඇත. ඔබගේ උපාංගය හෝ යෙදුම කිසියම් දෝෂයකට මුහුණ දෙන්නේ නම්, එම දෝෂ තොරතුරු Huawei වෙත යැවීමට ඔබට තේරිය හැකිය.
b. අපගේ සේවාව ඔබ භාවිතා කිරීම පිළිබඳ තොරතුරු- ඔබගේ උපාංගය වෙතින්, උපාංග නම, පද්ධති හා යෙදුම් අනුවාද, ප්‍රදේශ හා භාෂා සැකසුම්, උපාංග අනුවාද, උපාංග හඳුනාගැනීම් අංක (IMEI, ESN, MEID, හා SN), ඔබගේ උපාංගයේ භූගෝලීය පිහිටීම් තොරතුරු (උපාංගය පිහිටා ඇති ප්‍රදේශයේ ID වැනි), ඔබගේ සේවා සපයන්නාගේ ජාල ID (PLMN), ඔබ යෙදුම් භාවිතා කරන ආකාරය හා අන්තර්ජාලය වෙත පිවිසීමට ඔබ භාවිතා කරන IP ලිපිනය යනාදියද ඇතුළත්ව පද්ධති හා යෙදුම් දත්ත එකතු කරනු ලැබේ. එමෙන්ම ඔබ විසින් අපගේ සේවාව භාවිතා කිරීමේ වේලාව හා කාලය, අපගේ සේවාව තුළට ඇතුළත් කළ විමසුම් වදන් වැනි විස්තර තොරතුරු හා ඔබගේ උපාංගය තුළ අප විසින් සැකසූ කුකී තිළ ගබඩා වූ කිසියම් තොරතුරක් වේ නම් ඒවාද අප විසින් එක් රැස් කෙරෙනු ඇත.
c. තෙවන පාර්ශ්ව වෙතින් ලද තොරතුරු-නීතිය මගින් අවසර දී ඇති පරිදි ඔබ පිළිබඳව ප්‍රසිද්ධියේ හා වාණිජමය ලෙස ලද හැකි තොරතුරුද අප විසින් ලබාගනු ඇත. එමෙන්ම ඔබගේ Facebook හෝ Twitter ගිණුම් හරහා අපගේ වෙබ් අඩවිය තුළ ඔබගේ ගිණුමට ඇතුල් වන අවස්ථාවේදී මෙන් තෙවන පාර්ශ්ව සමාජ ජාලා සේවා සමග සම්බන්ධ වීමට ඔබ උත්සහ කරන විටදී එමගින් ඔබගේ තොරතුරු ලබාගනු ඇත.
2) Huawei ඔබේ පුද්ගලික දත්ත භාවිතා කරන ආකාරය
අප ඔබගේ පුද්ගලික දත්ත පහත දේ සඳහා භාවිතා කරනු ඇත:
a. ඔබගේ මිලදී ගැනීම් ඇණවුම් ක්‍රියාවට නැංවීමට, ඔබගේ නිෂ්පාදන හෝ සේවා ඉටුකිරීමට, අපගේ නිෂ්පාදන හෝ සේවා සනාථ කිරීමට හෝ සක්‍රිය කිරීමට, ඔබගේ ඉල්ලීම පරිදි වෙනස්කම් සිදුකිරීමට හා තාක්ෂණික සහය සැපයීමට;
b. ඔබව සම්බන්ධ කර ගැනීමට, ඔබ කැමති නිෂ්පාදන හෝ සේවාවන් සම්බන්ධව ඔබට දැනුම් දීමට, Huawei ප්‍රවර්ධන හා වෙළෙඳපොල සමීක්ෂණ සඳහා ඔබේ එකඟතාවය අනූව ඇරයුම් කිරීමට, හෝ ඔබගේ ප්‍රකාශිත කැමත්ත පරිදි ඍජු වෙළෙඳපොල තොරතුරු ඔබට ලබාදීමට; එවැනි තොරතුරු ලැබීමට අනවශ්‍ය නම් ඕනෑම වේලාවක එයින් ඉවත් වීමට ඔබට හැකිය;
c. පවතින පද්ධති හෝ යෙදුම් යාවත්කාලීන පිළිබඳව ඔබට දැනුම් දීමට හා එවනි යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට;
d. පුද්ගලික වූ පරිශීලක අත්දැකීමක් හා ගැලපුම් අන්තර්ගතයක් ලබා දීමට හා ඔබගේ පසු අලෙවි සේවාව සක්‍රිය කිරීමට;
e. අපගේ නිෂ්පාදන හා සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා අභ්‍යන්තර විගණනය, දත්ත විශ්ලේෂණය හා පර්යේෂණ සිදු කිරීමට;
f. අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල කාර්‍යක්ෂමතාවය හා අපගේ වෙළෙඳපොල කොටස් විශ්ලේෂණය කිරීමට;
g. පාරිභෝගික සන්නිවේදනය වැඩි දියුණු කිරීමට හා අප ඔබ හට ලබාදෙන සේවාවේ ගුණය හා ආරක්ෂාව තහවුරු කිරීමට;
h. අප හට දෝෂ තොරතුරු එවන විටෙක දෝෂහරණ සේවා සිදු කිරීමට;
i. ඔබ පටවන හෝ බාගන්නා දත්ත හා පැටවීම් හා බාගැනීම් සඳහා අවශ්‍ය වන දත්ත සමමුහුර්ත කිරීම, හුවමාරු කිරීම හා ගබඩා කිරීමට; සහ
j. අපගේ අහිමිවීම් වැලැක්වීම් හා ප්‍රති වංචා වැඩසටහන් වැඩි දියුණු කිරීමට.
3) පිහිටීම් පදනම් සේවා
ඔබ යම් පිහිටීම්-පදනම් සේවා වෙත පිවිසෙන විට, උදාහරණයක් ලෙස ඔබ තොරතුරක් සොයන විට, යාත්‍රණය කරන විට හෝ නිශ්චිත පිහිටීම් මත පදනම්ව කාලගුණය පරීක්ෂා කරන විට, Huawei විසින් ඔබගේ උපාංගයේ නිවැරදි හෝ අපැහැදිලි පිහිටීම් තොරතුරු එක් රැස් කරනු, භාවිතා කරනු හා සකසනු ඇත. මෙමගින් ඔබ වෙනුවෙන් පූර්වගාමී සේවාවක් සැපයීමට Huawei හට ඉඩ ලැබේ. එකතු කරනු ලබන තොරතුරු තුළ ඔබගේ උපාංග හඳුනාගැනීම් අංක (IMEI, ESN, MEID, හා SN), වර්ගය, මාදිලිය, හා තථ්‍ය කාලීන පිහිටීම් තොරතුරු ( GPS, Wi-Fi හා ඔබගේ සේවා සපයන්නාගේ ජාල ID තුළින් ලබාගන්නා ලද දේ ඇතුළත්ව) අඩංගු විය හැකිය. පිහිටීම් පදනම් නිෂ්පාදන හා සේවාවන් සැපයීමට හා වැඩි දියුණු කිරීමට Huawei විසින් පිහිටීම් තොරතුරු එක් රැස් කරනු ලැබේ.
ඔබ පිහිටීම් පදනම් සේවා ලබාගැනීමට අදහස් කරන්නේ නම් සේවාවෙන් සේවාව පිළිබඳව අපි ඔබගෙන් අසමු. ඔබගේ උපාංගවල පිහිටීම් සේවාවන් ඕෆ් කිරීමෙන් ඔබට ඔබගේ පිහිටීම් තොරතුරු හුවමාරු කර නොගැනීමට තේරිය හැකිය. පිහිටීම් පදනම් සේවා අක්‍රිය කිරීමට විස්තරාත්මක තොරතුරු සඳහා කරුණාකර ඔබගේ වාහකයා හෝ සේවා සපයන්නා අමතන්න.
4) හඳුනාගත නොහැකි තොරතුරු එකතු කිරිම හා භාවිතය
" හඳුනාගත නොහැකි ආකාරයේ තොරතුරු" යනු නිශ්චිත පුද්ගලයෙකු හඳුනාගත නොහැකි තොරතුරුය. Huawei විසින් අපගේ වෙබ් අඩවියට පිවිසි අය සංඛ්‍යාව වැනි සමූහගත සංඛ්‍යාත්මක තොරතුරු එක් රැස් කරනු ඇත. Huawei විසින් එවැනි තොරතුරු එක් රැස් කරනුයේ ජනතාව අඔඅගේ වෙබ් අඩවිය, නිෂ්පාදන හෝ සේවාවන් කෙසේ භාවිතා කරන්නේදැයි තේරුම් ගනු පිණිසය. මෙලෙස, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වඩා හොඳින් සපුරනු පුණිස අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට හා අනුකූලන කිරීමට Huawei හට හැකියාව ඇත. Huawei විසින් එහි අභිමතය පරිදි වෙනත් අරමුණු සඳහා හඳුනාගත නොහැකි ආකාරයේ තොරතුරු එක් රැස් කිරීම,භාවිතා කිරීම, සැකසීම, මාරු කිරීම හෝ අනාවරණය කිරීම කරනු ඇත.
ඔබගේ පුද්ගලික දත්ත හා හඳුනාගත නොහැකි ආකාරයේ තොරතුරු වෙන් වෙන්ව තබාගෙන එක් එක් ආකාරයේ තොරතුරු ස්වාධීනව භාවිතා කිරීමට අප උත්සාහ කරන්නෙමු. පුද්ගලික දත්ත හඳුනාගත නොහැකි ආකාරයේ දත්ත සමග සංයෝග වී අවස්ථාවකදී, එවැනි සංයෝග වීමක් පවතින තාක් ඒවා පුද්ගලික දත්ත ලෙස සලකනු ඇත.
1) කුකීස්
අපගේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා, අප සමහර විටෙක ඔබගේ පරිගණකයේ හෝ ජංගම උපාංගයේ කුඩා දත්ත ගොනු ස්ථානගත කරන අතර ඒවා කුකීස් ලෙස හැඳින්වේ. කුකියක් යනු වෙබ් අඩවියේ සර්වරය මගින් ඔබගේ පරිගණකයේ හෝ ජංගම උපාංගයේ ගබඩා කරන කුඩා වදන් ගොනුවක් වන අතාර එම කුකියේ අන්තර්ගතය නැවත ලබාගැනීම හෝ කියවීම කළ හැක්කේ එම සර්වරයට පමණි. එක් එක් කුකී ඔබගේ වෙබ් බ්‍රව්සරයට හෝ ජංගම යෙදුමට විශේෂ වේ. එයට හැඳුනුම්කාරකය, අඩවි නාමය, සංඛ්‍යාංක සමහරක් හා අක්ෂර වැනි තොරතුරු අඩංගු වේ. කුකීස් විසින්, ඔබගේ අභිරුචීන් හෝ ඔබගේ සාප්පු බෑගය තුළ ඇත්තේ මොනවාද යනාදී වූ තොරතුරු මතක තබාගැනීමට ඉඩ දෙනු ඇත.
බොහෝ විශාල වෙබ් අඩවි හෝ අන්තර්ජාල සේවාවන්, පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ තනි අඩවි පිවිසීමක් අතර හෝ ("සැසි කුකී" භාවිතයෙන්) හෝ නැවත කෙරෙනු ලබන පිවිසීම් අතර ("නිබැඳි" කුකී භාවිතයෙන්) ඔබව "මතක තබාගැනීම" සක්‍රිය කිරීම සිදු කරයි. ඔබගේ පරිගණක තුළ හෝ ජංගම උපාංග තුළ වෙබ් අඩවිය බැලීමට ඔබට අවශ්‍ය ආකාරය හඳුනාගැනීමට -භාෂාව, ෆොන්ට විශාලත්වය හා වෙනත් අභිරුචීන් වෙබ් අඩවියට ඔබගේ සැකසුම් මතක තබාගැනීමට කුකීස් උපකාර කරයි. මෙලෙස, ඔබ නැවත පැමිණෙන අවස්ථාවන්හිදී ඒවා නැවත නැවත ඇතුල් කිරීමට අවශ්‍ය නොවේ. වෙබ් අඩවියක් කුකීස් භාවිතා නොකරන්නේ නම්, ඔබ වෙබ් අඩවිය තුළ නව පිටුවක් විවෘත කරන සෑම අවස්ථාවකදීම ඔබ නව පැමිණෙන්නෙක් ලෙස සලකනු ඇත. උදාහරණයක් ලෙස, ඔබ ඔබගේ ලොගින් විස්තර ඇතුල් කර වෙනත් පිටුවකට යන විට, එම වෙබ් පිටුව ඔබව හඳුනානොගන්නා අතර එනිසාම ඔබට ඒ වෙත ලොගින් වීමට නොහැකි වෙනු ඇත.
මෙහි නිශ්චිත ලෙස සඳහන් කොට නැති අරමුණු හැර වෙනත් අරමුණු සඳහා Huawei විසින් කුකීස් භාවිතා නොකරයි. ඔබට අවශ්‍ය පරිදි කුකීස් පාලනය කිරීම හෝ මකා දැමීම සිදු කළ හැකිය. විස්තර සඳහා AboutCookies.orgබලන්න. ඔබගේ පරිගණකයේ දැනටමත් ඇති කුකීස් සියල්ල මකා දමා කුකීස් අවහිර වන ලෙස බොහෝ බ්‍රව්සර සැකසිය හැකිය. කෙසේවෙතත්, ඔබ එසේ කරන්නේ නම්, ඔබ අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන සෑම වාරයකදීම සමහර අභිරුචි සැකසුම් හස්තීයව සැකසීමට සිදු වෙනු ඇත. ඔබගේ බ්‍රව්සර සැකසුම් වෙනස් කරන්නේ කෙසේදැයි පිළිබඳව විස්තර දැනගැනීමට, කරුණාකර පහත හයිපර්ලින්ක් වෙත පිවිසෙන්න: <Internet Explorer>, <Google Chrome>, <Mozilla Firefox>, <Safari>, සහ <Opera>.
2) වෙබ් බීකන් හා පික්සල් ටැග්
කුකීස්වලට අමතරව, අප භාවිතා කරන තවත් ඒ හා සමාන තාක්ෂණයන් වනුයේ වෙබ් බීකන් හා පික්සල් ටැග් ය. සාමාන්‍යයෙන්, Huawei විසින් ඔබට එවනු ලබන ඊමේල් තුළ, Huawei වෙබ් අඩවියේ අන්තර්ගතය හා සබැඳි "ක්ලික් කිරීමෙන් පිවිසිය හැකි URL" අඩංගු වේ. ඔබ සබැඳිය මත ක්ලික් කළ හොත්, එම ක්ලික් කිරීම තුළින් පාරිභෝගික සේවාව වැඩි දියුණු කිරීම සඳහා අපගේ නිෂ්පාදන හා සේවා පිළිබඳව ඔබගේ අභිරුචීන් දැනගැනීමට Huawei හට හැකිවෙයි. වෙබ් බීකනයක් යනු අඩවියක් තුළ හෝ ඊමේල් තුළ ස්ථානගත කෙරෙන විනිසිද පෙනෙන චිත්‍රණ රූපයකි. ඊමේලය විවෘත කළා දැයි අපහට දැනගත හැකි ආකාරයේ විශේෂ ආකෘතියකින් යුක්තව ඊමේල් එවීමට පික්සල් ටැග් අපට ඉවහල් වෙයි. මෙම තාක්ෂණයන් මගින් හඳුනාගැනීමට ඔබට අවශ්‍ය නොවේ නම්, ඕනෑම වේලාවක ඊමේල් දායකත්වයෙන් ඉවත් වීමට ඔබට හැකිය.
3) ලුහු නොබඳින්න සංඥා
බොහෝ වෙබ් අඩවි "ලුහු නොබඳින්න" ක්‍රියාකාරීත්වය සහිත වන අතර එමගින් පරිශීලකයන් විවෘත කරනු වෙබ් අඩවි වෙත "ලුහු නොබඳින්න" සංඥා එවනු ලබයි. එවන් සංඥා ලැබෙන විට වෙබ් අඩවි මගින් කුමක් කළ යුතුද යන්න පිළිබඳව ප්‍රධාන පෙලේ අන්තර්ගත ප්‍රමිතීන් සකසන සංවිධාන වල සාමාජිකයන් තවමත් එකඟත්වයකට පැමිණ නැත. අපි, කෙසේ වෙතත්, ඔබගේ බ්‍රව්සරය තුළ සකසන “ලුහු නොබඳින්න” විකල්පයට ගරු කරන්නෙමු.
Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත තෙවන පාර්ශ්ව වෙත අලෙවි නොකරයි. කෙසේ වෙතත්, පහත සඳහන් අවස්ථාවලදී Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත අනාවරණය කරනු ඇත:
1) ඔබගේ ප්‍රකාශිත කැමැත්ත සහිතව අනාවරණය කිරීම- ඔබගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව, ඔබගේ උපදෙස් පරිදි ඔබ පවසන ආකාරයට, Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත හුවමාරු කරගනු ඇත.
2) Huawei අනුබද්ධ ආයතන වෙත අනාවරණය- ප්‍රතිපත්තිමය කරුණක් වශයෙන් Huawei විසින් ඔබගේ පුද්ගලික තොරතුරු Huawei හි අනුබද්ධ ආයතන සමග හුවමාරු කරගනු ඇති අතර එම ආයතනවලට අවශ්‍ය අවම ප්‍රමාණයට වඩා අනාවරණය නොකෙරේ.
3) බලය ලත් සහයෝගී හවුල්කරුවන් වෙත අනාවරණය ("අපගේ හවුල්කරුවන්")- හවුල්කරුවන් තුළින් ඔබ වෙත සේවාව සැපයීමට Huawei හට අවශ්‍ය වෙනු ඇත. එබැවින්, ඔබ හට වඩා හොඳ පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා හා සමස්ත අත්දැකීම වැඩි දියුණු කිරීම පිණිස Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත සමහරක් අපගේ හවුල්කරුවන් සමග හුවමාරු කරගනු ඇත. උදාහරණයක් ලෙස, ඔන්ලයින් ලෙස ඔබ Huawei නිෂ්පාදන මිලදී ගැනීමට තීරණය කළ විට, ඔබ වෙත එම නිෂ්පාදන ලබාදීම සඳහා ප්‍රවර්ධනසේවා සපයන්නන් හට හෝ සේවා සැපයීම සඳහා අපගේ හවුල්කරුවන්ට හෝ ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමට Huawei හට සිදු වෙනු ඇත. නිශ්චිත, පැහැදිලි හා නිත්‍යානුකූල අරමුණු සඳහා පමණක් ඔබගේ පුද්ගලික දත්ත සැකසෙනු ඇති අතර, අදාල අරමුණු ඉටු කරගැනීමට අවශ්‍ය වන අවම ප්‍රමාණයට දත්ත ලබාදෙනු ඇත. හුවමාරුකරගත් පුද්ගලික දත්ත වෙන කිසියම් හෝ අරමුණක් වෙනුවෙන් භාවිතා කිරීමට සියළුම Huawei අනුබද්ධ ආයතන හෝ අපගේ හවුල්කරුවන් වෙත ඉඩ දෙනු නොලැබේ.
4) නීතිමය අවශ්‍යතාවයන් යටතේ හෝ වෙනයම් වූ හේතු සහගත අවශ්‍යතාවයන් යටතේදී ඔබගේ පුද්ගලික දත්ත අනාවරණය කිරීම: නීතිය, නීති කෘත්‍ය, නඩු කටයුතු හෝ මහජන, රාජ්‍ය බලධරයන් සඳහා අවශ්‍ය වූ විටෙක Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත අනාවරණය කරනු ඇත. සමහර අධිකරණ ක්‍රියාමාර්ගයන් හි, ප්‍රතිසංවිධානය, ඒකාබද්ධ කිරීම් හෝ වස්තු භංගත්ව ඈවර කිරීම් වැනි Huawei සම්බන්ධ කටයුතු වලදී ගනුදෙණුකාර පාර්ශ්ව වෙත ඔබගේ පුද්ගලික තොරතුරු අනාවරණය කෙරෙනු ඇත. අපගේ කොන්දේසි හා නියමයන් බලාත්මක කිරීම හා අපගේ සේවාදායාකයන් ආරක්ෂා කිරීම යනාදී කරුණුවලදී හේතුසහගත අවශ්‍යතාවයන් යටතේදී අපි ඔබගේ තොරතුරු අනාවරණය කරනු ඇත්තෙමු.
Huawei කොන්දේසි හා නියමයන් යටතේදී, ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඔබගේ ගිණුම් ලියාපදිංචි තොරතුරු වැනි පුද්ගලික දත්ත කලමනාකරණය කළ හැකිය. මේ සම්බන්ධව ගත් කල ඔබ ඉදිරිපත් කරන පුද්ගලික දත්ත නිවැරදි බවට තහවුරු කරගත යුතුය. Huawei විසින් ඔබගේ පුද්ගලික දත්ත නිවැරදි ලෙස, සම්පූර්ණව හා යාවත්කාලීනව තබාගැනීමට උත්සහ දරයි.
නීතිය මගින් අවසර දෙන ව්‍යතිරේඛයන් හට යටත්ව ඔබගේ පුද්ගලික දත්ත වෙත පිවිසීමට ඔබට හිමිකම ඇත. රහස්‍යභාවය හා තොරතුරු අයිතිය සම්බන්ධව නිශ්චිත නීතිමය පටිපාටීන් ඇති රටවලදී අපි ඒ හා අනුගත වන්නෙමු. ඔබගේ දත්ත වෙත පිවිසීමේ අයිතිය ලබාගැනීමට ඔබ කැමති නම් අපගේ ඊමේලය වන consumer_privacy@huawei.com ඔස්සේ ඒ බව අප දැනුවත් කරන්න. ආරක්ෂක හේතූන් හේතුවෙන් ඔබගේ ඉල්ලීම් ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම, අප සතුව ඔබ පිළිබඳව ඇති තොරතුරු මැකීමට හෝ නිවැරදි කිරීමට ඔබට අයිතිය ඇත. ඔබගේ ඉල්ලිම පරිදි හා උපදෙස් පරිදි Huawei විසින් තොරතුරු මැකීම හෝ නිවැරදි කිරීම කරනු ඇත. එසේ කිරීම සඳහා ඔබට අපගේ ඊමේල් තුළින් සම්බන්ධ විය හැකිය consumer_privacy@huawei.com. කෙසේ වෙතත්, එසේ කරන ලද ඉල්ලීම් වැරදි හා අයහපත් විශශ්වාසයකින්, ප්‍රායෝගික නොවන හෝ දේශීය නීතිය මගින් අවශ්‍ය නොවෙන ලෙස කළ ඉල්ලීම් නම් ඒවා අප විසින් ප්‍රතික්ෂේප කෙරේ.
Huawei ඔබගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව ඉතා වැදගත් කොට සලකයි. ඔබගේ පුද්ගලික දත්ත, බල රහිත පිවිසුම, අනාවරණය, භාවිතය, වෙනස් කිරීම, හානිකිරීම හෝ අහිමි කිරීම යනාදියෙන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්ත සම්මත පරිචයන් අප විසින් අනුගමනය කරනු ලැබේ. අප ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රායෝගික වන සෑම උත්සාහයක්ම ගනු ලැබේ, උදාහරණ ලෙස: දත්ත රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සංකේතනය භාවිතා කෙරේ; හානිකර ප්‍රහාර වලින් දත්ත ආරක්ෂා කරගැනීම සඳහා විශ්වසනීය ආරක්ෂක යාන්ත්‍රණයක් භාවිතා කෙරේ; බලය ලත් පුද්ගලයන්ට පමණක් පුද්ගලික දත්ත වෙත පිවිසීමට ඉඩ දෙමින් පිවිසුම් පාලන යාන්ත්‍රණයක් අප විසින් සකසා ඇත; ආරක්ෂාව හා රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ දැනුවත් කිරීම් පුහුණු සැසි පවත්වමින් පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අපගේ සේවකයන් දැනුවත් කර ඇත.
ප්‍රමාණවත් හා අදාල පුද්ගලික දත්ත ප්‍රමාණය සීමා කිරීමට අප විසින් අවශ්‍ය සියළු පියවරයන් ගනු ලැබේ. මෙම ප්‍රතිපත්තිය මගින් දක්වා ඇති අරමුණු සම්පූර්ණ කරගැනීමට අදාල කාලය සඳහා පමණක් ඔබගේ පුද්ගලික දත්ත අප විසින් තබා ගනු ඇති අතර නීතිය මගින් අවශ්‍ය කෙරෙන අවස්ථාවකදී හැර අවශ්‍ය කාලයට වඩා වැඩියෙන් ඔබගේ පුද්ගලික දත්ත තබාගනු නොලැබේ. ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඉහළම සැලකිල්ල අප විසින් දරනු ලැබූවද, කිසිදු ආරක්ෂක ක්‍රියා මාර්ගයක් 100% ක් ම පරිපූර්ණ නොවන බව හා බිඳිය නොහැකි ඒවා නොවන බව කරුණාකර සලකන්න.
අපගේ නිෂ්පාදන, වෙබ් අඩවි හා සේවාවන් මූලික වශයෙන්ම අරමුණු කරන්නේ වැඩිහිටියන් ය. තම දෙමාපියන්/ භාරකරුවන් ගේ කැමැත්ත රහිතව දරුවන්ට තමන්ගේ ගිණුම් සකසා ගැනීමට අවසර ලබා නොදේ. නීතිමය අවශ්‍යතාවයන් හෝ දෙමාපිය කැමැත්ත පරිදි දරුවෙකුගේ පුද්ගලික දත්ත රැස් කරනු ලැබූ අවස්ථාවලදී, අප එම පුද්ගලික දත්ත භාවිතා කරනු ලබන්නේ හෝ අනාවරණය කරනු ලබන්නේ දෙමාපිය කැමැත්ත පරිදි නීති රෙගුලාසිවලට අනූව නීතිමය සීමාවන්ට යටත්ව හෝ දරුවා ආරක්ෂා කිරීම සඳහා පමණි. දේශීය නීතිය හා සංස්කෘතික චාරිත්‍ර අනූව දරුවා පිළිබඳව වන නිර්වචනය වෙනස් වුවද, අවුරුදු 13 ට අඩු ඕනෑම පුද්ගලයෙකු දරුවෙකු ලෙස අප විසින් සලකනු ලැබේ.
සනාථ කළ හැකි දෙමාපිය කැමත්ත රහිතව දරුවෙකුගේ පුද්ගලික දත්ත ලබා ගෙන ඇති බවට Huawei හට දැනගැනීමට ලැබුණහොත් හැකි ඉක්මණින් එම තොරතුරු මකා දැමීමට පියවර ගනු ඇත.
කාර්‍යක්ෂම පැමිණීමක් හා වැඩි දියුණු කළ පරිශීලක අත්දැකීමක් තහවුරු කිරීම පිණිස, ඔබට Huawei හා අපගේ හවුල්කරුවන්ට (" තෙවන පාර්ශ්ව") පිටස්තර තෙවන පාර්ශ්ව අන්තර්ජාල හයිපර්ලින්ක් හෝ අන්තර්ගතය ලබා දෙනු ඇත. Huawei හට තෙවන පාර්ශ්ව වෙත පාලන බලයක් නොමැති අතර ඔවුන්ගේ හයිපර්ලින්ක් හෝ අන්තර්ගත වෙත පිවිසීමට අවශ්‍යද යන්න හෝ ඔවුන්ගේ සේවාවන් හා නිෂ්පාදන භාවිතා කරන්නේදැයි යන්න පිළිබඳව තීරණය කළ හැකිය.
තෙවන පාර්ශ්වයන්ගේ රහස්‍යතා හා දත්ත ආරක්ෂණ ක්‍රියාමාර්ගයන් පාලනය කිරීමට Huawei හට නොහැකි අතර මෙම ප්‍රතිපත්තිය මගින්ද පාලනය නොවෙනු ඇත. තෙවන පාර්ශ්ව වෙත ස්වේච්ඡාවෙන් තොරතුරු ලබාදීමට ඔබ තීරණය කරන විටෙක කරුණාකර ඔවුන්ගේ රහස්‍යතා ආරක්ෂණ ප්‍රතිපත්ති අධ්‍යයනය කරන්න.
Huawei නිෂ්පාදන හා සේවාවන් ලබාදෙනු ඇත්තේ ලොව පුරා විවිධ රටවල හා කලාපවල ඇති සම්පත් හා සර්වර් භාවිතයෙනි. එබැවින්, ඔබගේ පුද්ගලික දත්ත රටින් පිට, අපගේ නිෂ්පාදන හෝ සේවාවන් භාවිතා කරන ස්ථාන වෙත ජාත්‍යන්තර සීමා ඉක්මවා හුවමාරු කෙරෙනු ඇති අතර ඒ වෙත පිවිසෙනුද ඇත. පුද්ගලික් දත්ත ආරක්ෂාව සම්බන්ධව එම රටවල නීති නොමැති විය හැකිවාක් මෙන්ම දත්ත ආරක්ෂාව පිළිබඳව වෙනස් නීතිමය රෙගුලාසි ඇතිවීමටද ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී, අදාල නීති රෙගුලාසි මගින් අවශ්‍ය කරන ප්‍රමාණයට ඔබගේ දත්ත වෙත ප්‍රමාණවත් ආරක්ෂාවක් එකම මට්ටමින් ලබාදෙන බවට Huawei සහතික වෙනු ඇත. උදාහරණයක් ලෙස, ඔබගේ දත්ත ජාත්‍යන්තරව හුවමාරු කිරීම සම්බන්ධව හෝ දේශ සීමාවලින් පිට දත්ත හුවමාරු වෙන විට දත්ත අඥානකරණය කිරීම වැනි ආරක්ෂක ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඔබගේ කැමැත්ත මත Huawei රඳා පවතී.
කලින් කලට මෙම ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට හෝ සංශෝධනය කිරීමට Huawei හට අයිතිය ඇත. කරනු ලබන වෙනස්කම් පිළිබඳව Huawei විසින් විවිධ මාර්ග ඔස්සේ ඔබ දැනුවත් කරනු ඇත. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට කිසිදු හෝ වෙනස්කමක් කරන්නේ නම්, යාවත්කාලීන කළ රහස්‍යතා ප්‍රතිපත්තිය අපගේ වෙන් අඩවිය තුළ පල කෙරෙනු ඇත (http://consumer.huawei.com). එමෙන්ම අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට කරන ලද වෙනස්කම් සම්බන්ධව අප ඔබට වෙනමම දැනුම්දීමක්ද (උදා. ඉලෙක්ට්‍රොනික දැනුම්දීම) ලබාදෙනු ලබයි.
යුරෝපීය ආර්ථික සංගමයේ ප්‍රදේශයේ (EEA) සාමාජික රටවල හෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩෝරා, බොස්නියා, ෆාරෝ දූපත්, ජිබ්රෝල්ටාර්, ග්‍රීන්ලන්තය, මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනීග්‍රෝ, සැන් මැරීනෝ, සර්බියා, වතිකානුව, ජපානය, කොරියාව, ඇඑජ, කැනඩාව යන රටවල පදිංචි පුද්ගලයන් සැලකීමේ දී Huawei පාරිභෝගික වළාකුළු සේවාවේ විෂයය පථය තුළ පුද්ගලික තොරතුරු Huawei Technologies Deutschland, GmbH මගින් පාලනය කෙරෙන අතර Huawei මාර්ගගත ගබඩාව http://www.hihonor.com/us Huawei Device USA, Inc. මගින් පාලනය කෙරෙන බව කරුණාවෙන් සටහන් කර ගන්න.
ඔබට කිසියම් හෝ ගැටළුවක්, අදහසක්, හෝ යෝජනාවක් ඇත් නම් කරුණාකර consumer_privacy@huawei.com ඔස්සේ ඊමේල් මගින් අපව අමතන්න නැතහොත් එය අපගේ ජගත් ක්ෂේත්‍ර කාර්‍යාලයකට ඉදිරිපත් කරන්න. අපගේ කාර්‍යාලවල පිහිටීම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා , පහත අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න:
http://www.huawei.com/en/contact-us
වැදගත් දැන්වීමයි- Huawei රහස්‍යතා ප්‍රතිපත්තියේ දේශීය භාෂා අනුවාදය දේශීය නීතිය හා භාෂා පුරුදු අනුව වෙනස් විය හැකිය. වෙනස්කම්වලට අදාලව දේශිය භාෂා අනුවාදය බල පැවැත්වේ.
අවසන් වරට යාවත්කාල කළේ: 2016 සැප්තැම්බර්
ප්‍රකාශන හිමිකම © Huawei Device Co., Ltd. 2016. සියළුම හිමිකම් ඇවිරිණි.