1. අප පිළිබඳව
No. 2 Xincheng Road, Songshan Lake District, Dongguan, Guangdong Province, China හි සිය ලියාපදිංචි කාර්යාලය පිහිටි, මහජන චීන සමූහාණ්ඩුවේ නීතිය යටතේ සංස්ථාපිත සමාගමක් වන Huawei Device Co., Ltd. (මින් ඉදිරියට "Huawei", "අපි", "අප", හෝ "අපගේ" ලෙස හැඳින්වේ) විසින් HiSuite සහ ඊට අදාළ තාක්‍ෂණ සහ ක්‍රියාකාරීත්ව (සාමූහිකව, "සේවා") ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ගිවිසුම තුළ (පහත දක්වා ඇති පරිදි), "ඔබ" සහ "පරිශීලකයා" යනුවෙන් සඳහන් කරන්නේ සේවා භාවිතා කරන හා/හෝ ඒ වෙත පිවිසෙන ඕනෑම පුද්ගලයෙකි.
2. ගිවිසුමේ අරමුණ
මෙම පරිශීලක ගිවිසුම, රහස්‍යතා දැන්වීම සහ ප්‍රකාශය (ඔබේ දුරකථනයෙන් HiSuite > පිළිබඳ වෙත යාමෙන් ඔබට නැරඹිය හැකිය), සහ සේවා හරහා ප්‍රකාශයට පත් කරන ලද හෝ ලද හැකි කළ වෙනත් ප්‍රතිපත්ති සහ තොරතුරු (සාමූහිකව "ගිවිසුම") යනු ඔබ සේවා භාවිතා කිරීම හා පිවිසීම සම්බන්ධයෙන් ඔබට අදාළ වන නියම සහ කොන්දේසි වේ. ගිවිසුම මගින් අප කවුරුද යන්නත්, ඔබට අප සේවා ලබාදෙනු ඇත්තේ කෙසේද යන්නත්, සේවා හෝ එයට සම්බන්ධව අවසර දෙන්නේ සහ අවසර නොදෙන්නේ කුමන ක්‍රියාකාරකම් සඳහා ද යන්නත්, සේවා ගැටලුවක් මතු වූ විට කළ යුත්තේ කුමක්ද යන්න සහ වෙනත් වැදගත් තොරතුරුත් ඔබට ලබාදෙනු ලැබේ. කරුණාකර මෙම ගිවිසුම සැලකිල්ලෙන් කියවන්න. සේවා භාවිතා කිරීම මගින් ඔබ අප සමග බැඳී සිටින නීතිමය ගිවිසුමකට එළඹේ. ඔබ ගිවිසුම පිළි නොගන්නේ නම්, ඔබ මෙම සේවාවන් භාවිතා නොකළ යුතුය.
3. සුදුසුකම
සේවාවන් කිසිවක් වෙත පිවිසීමට හෝ භාවිතා කිරීමට ඔබ වයස අවුරුදු 18 ක් හෝ ඊට වැඩි විය යුතුය, එසේ නැතහොත් ඔබ වසන අධිකරණ බල ප්‍රදේශයේ වැඩිහිටි වයසට පැමිණ තිබිය යුතුය. ඔබගේ වයස අවුරුදු 18 ට හෝ වැඩිහිටි වයසට වඩා අඩු නම්, ඔබ විසින් සේවා භාවිතා කිරීම සඳහා ඔබේ දෙමව්පියන් හෝ නෛතික භාරකරු ඔබ වෙනුවෙන් ගිවිසුමේ නියම සඳහා එකඟ විය යුතුය.
4. සේවා වෙත පිවිසීම
මෙම සේවාව වෙත පිවිසීම හා භාවිතා කිරීම සඳහා අප ඔබට මෙම ගිවිසුමට යටත්ව හා ඊට අනූකූලව, සීමාසහිත, බැහැර කිරීමකින් තොර, මාරු කළ නොහැකි, උප බලපත්‍ර ලබාදිය නොහැකි සහ අහෝසි කළ නොහැකි බලපත්‍රයක් දෙනු ලැබේ.
5 සේවා
Windows පරිගණකයක් සඳහා, සේවා පහත සඳහන් දේ සපයයි:
(1) මගේ උපාංග: ඔබට ඔබගේ දුරකථනයේ ඇති සබඳතා, SMS, රූප, වීඩියෝ සහ ගොනු ආයාත කිරීමට, නිර්යාත කිරීමට, මැකීමට සහ නැවුම් කිරීමට, යෙදුම් යාවත්කාලීන කිරීමට සහ අස්ථාපනය කිරීමට සහ Outlook වෙතින් සබඳතා සහ ඉසවු සමමුහුර්ත කිරීමට ඔබට ඉඩ දීම.
(2) දත්ත උපස්ථය: ඔබගේ සබඳතා, SMS, ඇමතුම් ලොග්, සටහන්, පටිගත කිරීම්, ඉසවු, සංගීතය, වීඩියෝ, ලේඛන, යෙදුම් සහ දත්ත, පද්ධති උපාංග සහ මුර පද සේප්පුව උපස්ථ කිරීමට ඔබට ඉඩ දීම.
(3) දත්ත ප්‍රතිස්ථාපිත කිරීම: ඉහත සඳහන් කළ දත්ත උපස්ථ ප්‍රතිස්ථාපිත කිරීමට ඔබට ඉඩ දීම.
(4) පද්ධති යාවත්කාලීන කිරීම්: ඔබට දුරකථනයේ මෘදුකාංග යාවත්කාල කිරීම සහ දුරකථනයේ ආපසු යාමට ඉඩ දීම. සේවාව සැපයීම තහවුරු කිරීමට, ඔබ කාලීන ආකාරයකින් පද්ධති මෘදුකාංගය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ.
(5) පද්ධති අලුත්වැඩියා: ඔබට පද්ධති අලුත්වැඩියා කිරීම විශේෂාංගය සැපයීම. ඔබගේ දුරකථනය පද්ධති ගැටළුවකට, උදාහරණයක් ලෙස, එය සක්‍රිය කළ නොහැකිවීමට මුහුණ දුන්නොත්, පද්ධතිය අලුත්වැඩියා කිරීමට මෙම විශේෂාංගය භාවිතා කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ.
Mac එකක් සඳහා, සේවා පහත සඳහන් දේ සපයයි:
(1) මගේ උපාංග: ඔබගේ දුරකථනයේ ඇති සබඳතා, SMS, රූප, වීඩියෝ සහ ගොනු ආයාත කිරීමට, නිර්යාත කිරීමට, මැකීමට සහ නැවුම් කිරීමට ඔබට ඉඩ දෙයි.
(2) දත්ත උපස්ථය: ඔබගේ සබඳතා, SMS, ඇමතුම් ලොග්, සටහන්, පටිගත කිරීම්, ඉසවු, සංගීතය, වීඩියෝ, ලේඛන, යෙදුම් සහ දත්ත, පද්ධති උපාංග සහ මුර පද සේප්පුව උපස්ථ කිරීමට ඔබට ඉඩ දෙයි.
(3) දත්ත ප්‍රතිස්ථාපනය: ඉහත සඳහන් කළ දත්ත උපස්ථ ප්‍රතිස්ථාපිත කිරීමට ඔබට ඉඩ දෙයි.
සේවා නිල මෙහෙයුම් පද්ධති ධාවනය වන දුරකථන සඳහා පමණක් අපේක්ෂා කෙරේ. Huawei නිල නොවන මෙහෙයුම් පද්ධති භාවිතා කරන අයට සේවා තත්ත්ව සහතික කිසිවක් ලබා නොදේ.
ඔබගේ සේවාව ලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීමට, මෘදුකාංග යාවත්කාල කිරීම හෝ උත්ශ්‍රේණි කිරීමට යටත් වන සේවාවල නවතම අනුවාදය සඳහා නිතිපතා පරීක්ෂා කරන ලෙස ඔබව දිරිමත් කරනු ලැබේ.
6. භාවිත නියම
සේවා වෙත පිවිසීමෙන් සහ භාවිතා කිරීමෙන් ඔබ නියමයන් සමග අනුකූලව නෛතික සහ සදාචාරාත්මක ලෙස එසේ කිරීමට පොරොන්දු වී එකඟ වන්නේය. ඔබට පල කිරීමට හෝ සම්ප්‍රේෂණය කිරීමට සුදුසුකමක් නැති ඕනෑම ද්‍රව්‍යයක් ඇතුළත්ව, එයට සීමා නොවී, නීතිවිරෝධී ක්‍රියාකාරකමට පහසුකම් සපයන, පැහැදිලි ලිංගික රූප චිත්‍රණය කරන, ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන, ප්‍රවිචාරක, නීතිවිරෝධී හෝ යම් පුද්ගලයෙකුට හෝ දේපලකට හානියක් හෝ තුවාලයක් සිදු කළ හැකි හෝ කරන, අදාළ නීති යටතේ යම් සිවිල් හෝ අපරාධ බැඳීමක් ඇතිවීමට ඉඩ දිය හැකි කිසිවක් ඇතුළත්ව සීමා කිරීමක් රහිතව වංක, අපකීර්තිමත්, තෝරතීය, හානිකර, අශ්ලීල, වරදකාරී, දාමරික, හිරිහැරකාරී, අපවාදී, වෛරය ඇති කරන, කුපිත කරවන, තර්ජනකාරී, ආගම් විරෝධී, අශ්ලීල, රහස්‍යතාව ආක්‍රමණශීලී හෝ ඔබගේ සේවා භාවිතයට අදාළව පිළිකුල් කටයුතු ද්‍රව්‍ය සම්ප්‍රේෂණය කිරීමට හෝ එවැනි යම් කටයුත්තක නියැලීම හෝ එවැනි පළ කිරීමක් හෝ සම්ප්‍රේෂණයක් යම් රහස්‍යතා රාජකාරීයක් සහ/හෝ තෙවන පාර්ශ්වීය බුද්ධිමය දේපළ හිමිකමක් උල්ලංඝනය කරන්නේ නම් ඔබ සේවා භාවිතා නොකළ යුතු බවට ඔබ මෙමගින් දැනුවත් සහ එකඟ වේ.
ඔබ මෙමගින් පහත දේ සඳහා එකඟ වී පොරොන්දු වෙයි:
(1) ඔබ හෝ වෙනත් අය වෙනුවෙන් සේවාවල කිසිඳු කොටසකින් ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු හෝ වෙනත් හිමිකාරීත්ව දැන්වීම් කිසිවක් ඉවත් නොකිරීමට.
(2) සේවා සම්පූර්ණයෙන් හෝ යම් කොටසක් ප්‍රතිනිෂ්පාදනය කිරීම, වෙනස්කම් සිදු කිරීම, හෝ නවීකරණය හෝ සේවා හෝ එහි වෙනත් කොටසක් වෙනයම් වැඩසටහන් සමග සංයුක්ත කිරීමට අවසර දීම හෝ සම්බන්ධවීම නොකිරීමට;
(3) සේවාවේ හෝ එයට සම්බන්ධ පද්ධති හෝ ජාලවල කිසිදු කොටසක් වෙත අනුමැතිය නොලත් ප්‍රවේශය ලබා ගැනීමට උත්සහ නොදැරීම හෝ ඒ වෙත නොපිවිසීම;
(4) සේවාව සම්පූර්ණ වශයෙන් හෝ එහි කොටසක් මත පදනම්ව එය විසුරුවා හැරීම, විසංයෝජනය කිරීම, ප්‍රති ඉංජිනේරු කාර්යයන් කිරීම හෝ ව්යුත්පන්න වැඩ නිර්මාණය නොකිරීම හෝ එවැනි දේ අදාළ නීති මගින් තහනම් කළ නොහැකි නම් හැර එවන් දේ සඳහා උත්සාහ කිරීමෙන් වැලකීම;
(5) සේවාව බෙදාහැරීම, බලපත්‍ර ලබාදීම, බදු දීම, විකිණීම, නැවත අලෙවි කිරීම, පැවරීම, ප්‍රසිද්ධියේ සංදර්ශනය කිරීම, ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම, සම්ප්‍රේෂණය කිරීම, දහර කිරීම, විකාශනය කිරීම හෝ වෙනත් ලෙස සේවා අපහරණය කිරීමෙන් වැළකීම;
(6) අපගේ පූර්ව ලිඛිත කැමැත්ත රහිතව සේවාව පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් කිසිදු හෝ ආකාරයකින් වෙනත් පුද්ගලයෙකුට (විෂය හා ප්‍රභව කේතයද ඇතුළුව) නොසැපයීම;
(7) කිසිඳු පුද්ගලයෙකු ලෙස පෙනී නොසිටීම හෝ ව්‍යාජව ප්‍රකාශ කිරීම හෝ පුද්ගලයෙකු හෝ අස්ථිත්වයක් සමග වන සම්බන්ධයක් වැරදි ලෙස නියෝජනය නොකිරීම;
(8) සේවා (නැතිනම් එහි කොටසක් (කොටස්)) කිසියම් නීතී විරෝධී ආකාරයකින්, යම් නීති විරෝධී අරමුණක් සහිතව හෝ ගිවිසුම සමග අනනුකූල වන ලෙස භාවිතා නොකිරීම හෝ හැක් කිරීම හෝ වයිරස, හානිකර දත්ත ඇතුළු ද්වේෂ සහගත කේතයන් සේවාවන්ට (හෝ සේවාවන්ට සම්බන්ධ වෙබ් අඩවි තුළට) හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියකට ඇතුළු කිරීම යනාදියද ඇතුළත්ව එහෙත් එයට සීමා නොවී වංචාකාරීව හෝ ද්වේෂ සහගතව කටයුතු කිරීමෙන් වැලකීම;
(9) ඔබ සේවාවන් භාවිතා කිරීම හා/හෝ පිවිසීම හා සම්බන්ධව අපගේ හෝ කිසියම් තෙවන පාර්ශ්වයක බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය නොකිරීම;
(10) පරිශීලකයින්ගේ තොරතුරු රැස් කිරීම, හෝ සේවාවන් හෝ අපගේ පද්ධතීන් වෙත ස්වයංක්‍රීය මාධ්‍යයන් භාවිතා කර පිවිසීම හෝ සේවාවන් ධාවනය වන සර්වර වෙත හෝ වෙතින් කිසියම් සම්ප්‍රේෂණයක් කියවා තේරුම් ගැනීමට තැත් කිරීම යනාදියෙන් වැලකීම;
(11) සේවා වෙතින් තොරතුරු උකහා ගැනීමට මෘදුකාංග, උපාංග, ක්‍රමලේඛ, රොබෝවන් හෝ වෙනයම් ක්‍රම හෝ ක්‍රියාවලි (ක්‍රව්ලර්, බ්‍රවුසර ප්ලගින සහ ඇඩෝන, හෝ වෙනයම් තාක්ෂණයක් හෝ හස්තීය වැඩ ඇතුළුව) සංවර්ධනය, සහය දැක්වීම හෝ භාවිතය නොකිරීමට හෝ සේවා වෙතින් පැතිකඩවල් සහ අනෙකුත් දත්ත පිටපත් නොකිරීමට;
(12) අපගේ පූර්ව ලිඛිත කැමැත්තකින් තොරව සේවාවන් වාණිජමය ලෙස අවභාවිත නොකිරීම;
(13) ගිනි අවි, මත්කුඩු, නීති විරෝධී ද්‍රව්‍ය, සොරකම් කළ මෘදුකාංග හෝ වෙනත් තහනම් කළ අයිතම අලෙවි කිරීම වැනි කිසිදු නීති විරෝධී ව්‍යාපාර ගනුදෙනුවක් කිරීම සඳහා සේවාවන් භාවිතා නොකිරීම;
(14) සූදු කෙළීමේ තොරතුරු සැපයීම හෝ කිසිඳු ආකාරයකින් සූදු කෙළීමට අන් අය උනන්දු කිරීමෙන් වැළකීම;
(15) වෙනත් අයෙකුට අයත් ගිණුමක ලොගින්වීමේ තොරතුරු ලබා නොදීම හෝ නොපිවිසීම;
(16) මුදල් ජාවාරම්, නීති විරෝධී මුදල් අත්තිකාරම් හෝ පිරමීඩ ක්‍රමයේ විකුණුම් ක්‍රම යනාදිය සඳහා සම්බන්ධ නොවීම;
(17) මෙම ගිවිසුම (හෝ එහි කිසිදු කොටසක්) උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීම, පහසුකම් සැපයීම හෝ ඒ සඳහා දිරි දීමෙන් වැලකීම; සහ
(18) සේවාවලට, අපගේ පද්ධතීන්ට හෝ ආරක්ෂාවට හානි කරන, අක්‍රිය කරන, වැඩි බරක් පටවන, බාධා කරන හෝ වංචා කරන අයුරින් සේවාවන් භාවිතා නොකිරීම හෝ පරිශීලකයින්ට හෝ වෙනත් පාර්ශ්වයක පරිගණක පද්ධතියකට බාධා කිරීම හෝ සේවාවන් හෝ Huawei අන්තර්ගතයට (පහත දක්වා ඇත) හෝ දත්ත වෙත අනුමැතිය නොලත් ප්‍රවේශය හෝ හැක් කිරීම යනාදියේ නියැලීමෙන් වැලකීම.
7. Huawei අන්තර්ගතය භාවිතා කිරීම
Huawei සහ/හෝ එහි බලපත්‍රලාභීන්, සේවාව තුළ හෝ මත ලද හැකි තොරතුරු (පාඨ, චිත්‍රණ, වීඩියෝ සහ ශ්‍රව්‍ය යන සීමාවන් රහිතව ඕනෑම ආකෘතියක), රූප, අයිකන, යෙදුම්, සැලසුම්, මෘදුකාංග, පිටපත්, ක්‍රමලේඛ, ප්‍රකාශන හිමිකම්, වෙළෙඳ සලකුණු, වෙළෙඳ නාම, ලාංඡන සහ වෙනත් ද්‍රව්‍ය සහ සේවාවන් මෙන්ම ඒවායේ පෙනුම සහ දැනීම (සාමූහිකව, "Huawei අන්තර්ගතය") යනාදී සියල්ල සඳහා හිමිකම, නීත්‍යානුකූල අයිතිය සහ බැඳියාව රඳවා ගනී. ගිවිසුම මගින් වෙනත් ආකාරයකට නිශ්චිතව දක්වා ඇත්තේ නම් මිස, සේවාවන් කිසිවක් වෙත ඔබගේ පිවිසීම සහ/හෝ භාවිතය මගින් ඔබට හෝ වෙනත් පුද්ගලයෙකුට සේවාව හෝ එහි අන්තර්ගතය පිළිබඳ හිමිකාරීත්වය හෝ වෙනත් අයිතීන් පවරනු නොලැබේ.
ඔබ කිසිඳු ආකාරයකින් Huawei අන්තර්ගතයට වෙනස් කිරීම්, පිටපත් කිරීම්, උපුටන, නවීකරණ හෝ එකතු කිරීම් සිදු කිරීම හෝ Huawei අන්තර්ගතය විකිණීම, පිටපත් කිරීම, ප්‍රචාරණය, බලපත්‍රදීම හෝ අවභාවිතා කිරීම නොකළ යුතුය. Huawei අන්තර්ගතයෙන් යමක් යළි පළ කිරීමට, උධෘත කිරීම, ප්‍රතිනිෂ්පාදන කිරීමට, බෙදා හැරීමට හෝ වෙනත් ලෙසකින් භාවිතා කිරීමට ඔබට අවශ්‍ය වන්නේ නම් නියමයන් මගින් වෙනයම් ආකාරයකින් ප්‍රකාශිතව දක්වා ඇත්තේ නම් මිස, ඔබ පළමුව අප ඇමතිය යුතු අතර අපගේ පූර්ව ලිඛිත කැමැත්ත ලබා ගත යුතුය. මෙය අදාළ අනිවාර්ය නීති යටතේ ඔබට ඇති අයිතීන්වලට අගති විරහිත වෙයි.
සේවා හෝ ඒවායේ යම් කොටස(ස්) කිසියම් ප්‍රකාශන හිමිකමක්, වෙළෙඳ සලකුණක්, පේටන්ට් අයිතියක්, වෙළෙඳ රහසක් හෝ වෙන යම් බුද්ධිමය දේපළ හිමිකමක් උල්ලංඝනය කරන බව ඔබ විශ්වාස කරන්නේ නම් හෝ ඔබට සේවා පිළිබඳව වෙනත් ගැටලු ඇත්තේ නම් කරුණාකර මෙම ගිවිසුමේ සපයා ඇති සබඳතා තොරතුරු භාවිතා කර අප වෙත ඒ බව දැනුම් දෙන්න.
8. ඔබගේ අන්තර්ගතය
පාඨ, ලේඛන, පින්තූර, ඡායාරූප හෝ ඔබ පටවනු ලබන, පල කරන හෝ වෙනත් ලෙසකින් සේවාවන් වෙත හෝ ඒ ඔස්සේ සම්ප්‍රේෂණය කරන ඔබගේ අන්තර්ගතය (සාමූහිකව “ඔබගේ අන්තර්ගතය”) සම්බන්ධ හිමිකාරීත්වය ඔබ වෙතම පවතී; ඔබ ඔබගේ අන්තර්ගතය සඳහා සම්පූර්ණයෙන්ම වග කියනු ලබයි.
9. සේවා නිරීක්ෂණය
අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව සේවාවන් මෙහෙයවීම සහ වැඩි දියුණු කිරීම (වංචා වැළැක්වීම, අවදානම් ඇගයීම, විමර්ශනය සහ පාරිභෝගික සහය අරමුණු යනාදියද ඇතුළුව එහෙත් ඒවාට සීමා නොවී) සඳහා, ගිවිසුම සමග ඔබගේ අනුගත වීම තහවුරු කිරීම සඳහා හා අදාළ නීති සමග හෝ අධිකරණයක, කැමැත්ත නියම කිරීමක්, පරිපාලන නියෝජිතායතනයක හෝ අනෙකුත් රාජ්‍ය ආයතනයක කිසිදු නියෝගයක් හෝ අවශ්‍යතාවයක් සමග අනුකූල වීමට අත්‍යාවශ්‍ය පියවර ගැනීමේ බලය අපි රඳවා ගන්න බව ඔබ අවබෝධ කරගනී.
10. රහස්‍යතාව හා දත්ත රැස් කිරීම
ඔබට වඩා ශක්තිමත් සේවා ලබාදීමට සහ ඔබගේ ගනුදෙනුවල ආරක්ෂාව තහවුරු කිරීමට උපකාර කිරීමට, රහස්‍යතා දැන්වීම සහ සේවාවන් පිළිබඳ ප්‍රකාශයට අනුකූලව Huawei විසින් ඔබගේ පුද්ගලික තොරතුරු එක් රැස් කර සකසනු ඇත.
11. වියාචනය
සේවාවන් ඇත්තේ ඔබගේ තනි භාවිතය සඳහා පමණක් වන අතර කිසිදු තෙවන පාර්ශ්වයක් මගින් භාවිතා නොකළ යුතුය. සේවාවන් අවසර රහිතව භාවිතා කිරීමෙන් සිදුවෙන හානි සම්බන්ධව Huawei සහ එහි අනුබද්ධිතයින්, නිලධාරීන්, අධ්‍යක්ෂවරුන්, සේවකයන්, කොන්ත්‍රාත්කරුවන්, නියෝජිතයන්, තෙවන පාර්ශ්ව ගෙවීම් සැපයුම්කරුවන්, හවුල්කරුවන්, බලපත්‍රලාභීන් හා බෙදා හරින්නන් (සාමුහිකව "Huawei පාර්ශ්වයන්") වග නොකියන බවට ඔබ එකඟ වෙයි.
අපගේ පාලනයෙන් පිටත හේතු සඳහා නොදන්නා කාල සීමාවකට ඔබගේ සේවා භාවිතයට බාධා වීම, ප්‍රමාද වීම හෝ කඩාකප්පල් වීමට ඉඩ ඇත. එවැනි බාධා වීම්, ප්‍රමාද වීම්, බිඳ වැටීම හෝ ඊට සමාන අසාර්ථක වීම් සම්බන්ධව හෝ ඒ මතින් ඇතිවන හිමිකම් පෑමක් සඳහා Huawei පාර්ශවකරුවන් වග නොකියනු ඇති බවට ඔබ එකඟ වන්නේය.
අදාළ නීති මගින් අවසර දෙනු ලබන උපරිම ප්‍රමාණයට, පහත සඳහන් හේතු නිසා ඔබට සේවාව වෙත පිවිසීමට හෝ එය භාවිතා කිරීමට නොහැකි වීම සම්බන්ධව ඔබට Huawei පාර්ශ්වකරුවන් වග කියනු නොලැබේ:
(1) පද්ධති, මෘදුකාංගය හෝ දෘඩංග සඳහා නඩත්තු වැඩ හෝ යාවත්කාල සිදු කිරීම සක්‍රීය කිරීම සඳහා Huawei විසින් කිසිඳු සේවා අත්හිටුවීමක් හෝ අවසන් කිරීමක්;
(2) Huawei හැර වෙනත් කෙනෙකු විසින් හිමිකම් කියන හෝ පාලනය කරන පද්ධතිය හෝ සන්නිවේදන ජාලයක යම් ප්‍රමාදයක් හෝ අසාර්ථක වීමක්;
(3) Huawei සහ එහි තෙවන පාර්ශ්ව ගෙවීම් සේවා සපයන්නන් කිසිවෙකු අතර යම් ගිවිසුමක් හෝ වෙනත් විධිවිධාන අත්හිටුවීමක්, අවලංගු කිරීමක් හෝ අවසන් කිරීමක්;
(4) හැකර් ප්‍රහාරයන් හෝ ඊට සමාන ආරක්ෂාව කඩ වීම් හේතුවෙන් ඇති වෙන දෝෂ හෝ බාධා; හෝ
(5) Huawei හි සාධාරණ පාලනයට ඔබ්බෙන් වන වෙනත් හේතුවක්.
සේවා සපයන්නේ "පවතින ස්වභාවයෙන්" සහ "ලද හැකි ලෙස" වන පදනමින් කිසිදු ආකාරයේ නියෝජනයක් හෝ පිටසනක් නොමැතිවය. අදාළ නීති මගින් අවසර දෙනු ලබන උපරිම ප්‍රමාණයට Huawei පාර්ශවකරුවන් සියලුම වගකීම්, කොන්දේසි හෝ වෙනත් ආකාරයක ප්‍රකාශිත හෝ ඇඟවූ නියම වියාචනය කරන අතර කිසිදු වගකීමක්, ප්‍රතිඥාවක්, නියෝජනයක් හෝ වගකීමක් ලබා නොදෙයි: (a) සේවා තුළින් හෝ මතින් ලබා දෙන ලද ඕනෑම අන්තර්ගතයක සම්පූර්ණ බව හෝ නිරවද්‍යතාවය, විශ්වසනීය බව හෝ කාලීන බව සම්බන්ධව; (b) ඔවුන් විසින් සත්කාර කරන සේවාවන් හෝ සර්වරය(න්) වැරදි, දෝෂයන්, වයිරස, රෝග මූල හෝ වෙනත් හානිකර සංරචකයන්ගෙන් නිදහස් බව; (c) සේවාවල මෙහෙයවීම හෝ ක්‍රියාකාරීත්වයේ ඇති දෝෂ කිසිවක් නිවැරදි කෙරෙනු ඇති බව; (d) සේවාවන්ගේ නිශ්චිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධව ඔබගේ සේවා භාවිතා කිරීමෙන් හෝ ඒ වෙත පිවිසීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ විසින් ලබාගන්නා ලද තොරතුරුවල විශ්වසනීය බව, ගුණාත්මක බව හෝ නිරවද්‍ය බව; (e) සේවාවන්ගේ ආරක්ෂාව හෝ දෝෂ විරහිත ස්වභාවය සම්බන්ධව; (f) සේවාවන්ගේ විශ්වසනීයත්වය, ගුණාත්මක බව, නිරවද්‍ය බව, ලද හැකි බව හෝ ඔබගේ අවශ්‍යතාවයන් සැපිරිය හැකි බව, නිශ්චිත නිමැවුම් සැපයීමේ හෝ නිශ්චිත ප්‍රතිඵල හෝ ප්‍රතිදාන අත්කරගැනීමේ හැකියාව සම්බන්ධව. සේවා හෝ ඔබ (හෝ වෙනත් පුද්ගලයෙකු) මෙම සේවාවන් වෙත පිවිසීම හා/හෝ භාවිතා කිරීම ඔස්සේ ලබාගත් වෙනත් තොරතුරු මත විශ්වාසය තැබීමෙන්, භාවිතා කිරීමෙන්, හෝ අර්ථ නිරූපණය කිරීමෙන් හෝ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සිදු වෙන පාඩු හෝ හානි කිසිවක් සම්බන්ධව Huawei පාර්ශවයන් වගකියනු නොලබයි.
සමහර රටවල නීති නිශ්චිත වගකීම්, ඇපවීම් හෝ බැඳීම්වලට ගිවිසුමක් මගින් බැහැර වීමට හෝ සීමාවීමට ඉඩ නොදෙයි. මෙම නීති ඔබට අදාළ වන්නේ නම්, ඉහත බැහැර කිරීම් හෝ සීමා කිරීම් සියල්ලම හෝ සමහරක් ඔබට අදාළ නොවීමට ඉඩ ඇත. පාරිභෝගිකයෙකු ලෙස ඔබ නෛතිකව සුදුසුකම් ලබන සහ ඔබට ගිවිසුම්ගතව වෙනස් කිරීමට හෝ අත්හැරීමට එකඟ විය නොහැකි ගිවිසුමේ අඩංගු කිසිවක් අයිතිවාසිකම්වලට බල නොපායි.
12. බැඳීයාව සීමා කිරිම
ඔබගේ අධිකරණ බලප්‍රදේශය තුළ අදාළ නීති මගින් අවසර දෙනු ලබන උපරිම ප්‍රමාණයට, ඔබ සේවාවන් වෙත පිවිසීම හා භාවිතා කිරීම පිළිබඳ අවදානම ඔබ විසින්ම දරා ගනු ඇති අතර පහත ඕනෑම එකක් සඳහා ගිවිසුම තුළ, සිවිල් වරද (නොසැලකිල්ලද ඇතුළුව) හෝ වෙන යම් න්‍යායක් යටතේ Huawei පාර්ශ්වකරුවන් ප්‍රකාශිතවම ඔබට හෝ වෙනත් පුද්ගලයෙකුට ඇති වූ බැඳීම්, පාඩු හෝ හානි බැහැර කරනු ලබයි:
(a) ප්‍රතිලාභ, අය, ආදායම, දත්ත හෝ කීර්ති නාමය නැතිවීම;
(b) විශේෂිත, වක්‍ර හෝ ආනුෂංගික පාඩු හෝ හානි.
ගිවිසුමේ සීමා කීරීම් හා බැහැර කිරීම්, එයින් මතු විය හැකි කිසියම් පාඩුවක් පිළිබඳව Huawei හට දන්වා සිටියා හෝ නොවූවා වුවද අවධානයෙන් සිටියා වුවද අදාළ වෙයි.
ඕනෑම මොහොතක සේවාවල ඕනෑම කරුණක් සම්බන්ධව ඔබ තෘප්තියට පත් නොවන්නේ නම්, ඔබගේ පූර්ණ සහ සුවිශේෂී ප්‍රතිකර්මය වනුයේ සේවාවන් වෙත පිවිසීම හා භාවිතා කිරීම නැවතීමයි. පූර්වගාමී සීමාකිරීම්වලට පූර්ව විනිශ්චයකින් තොරව, සහ ඔබගේ අධිකරණ බල ප්‍රදේශයේ අදාල නීති මගින් ඉඩ දෙන උපරිම ප්‍රමාණයට, ගිවිසුම, තෝරතය (නොසලකා හැරීම ඇතුලත්ව) හෝ වෙනත් ඕනෑම සිද්ධාන්තයක් යටතේ වුවද ඔබට හෝ වෙනයම් පුද්ගලයෙකුට වන හිමිකම්පෑම්, පටිපාටිකර, බැඳියාවන්, පොරොන්දු, හානි, පාඩු සහ ගාස්තු සඳහා Huawei පාර්ශ්වයන්ගේ පූර්ණ සමස්ත බැඳියාව කිසිඳු ආකාරයකින් €50.00 නො ඉක්මවිය යුතුය.
සමහර රටවල නීති නිශ්චිත වගකීම්, ඇපවීම් හෝ බැඳීම්වලට ගිවිසුමක් මගින් බැහැර වීමට හෝ සීමාවීමට ඉඩ නොදෙයි. මෙම නීති ඔබට අදාළ වන්නේ නම්, ඉහත බැහැර කිරීම් හෝ සීමා කිරීම් සියල්ලම හෝ සමහරක් ඔබට අදාළ නොවනු ඇති අතර ඔබට අතිරේක අයිතීන් තිබෙනු ඇත. පාරිභෝගිකයෙකු ලෙස ඔබ නෛතිකව සුදුසුකම් ලබන සහ ඔබට ගිවිසුම්ගතව වෙනස් කිරීමට හෝ අත්හැරීමට එකඟ විය නොහැකි ගිවිසුමේ අඩංගු කිසිවක් අයිතිවාසිකම්වලට බල නොපායි.
13. ඔබ විසින් අවසන් කිරීම
සේවා භාවිතා කිරීම නැවැත්වීමෙන් ඔබට ගිවිසුම අවසන් කළ හැකිය.
14. Huawei මගින් අවසන් කිරීම හා අත්හිටුවීම
අදාළ නීතියට යටත්ව, අප විසින් ඕනෑම මොහොතක කිසිදු පුද්ගලයෙකුට හෝ තෙවන පාර්ශ්වයකට කිසිදු බැඳීමක් නොමැතිව සේවාවේ කොටස(ස්) හෝ සියල්ල වෙත වන ඔබගේ පිවිසීම ස්ථිරවම හෝ තාවකාලිකව අත්හිටුවීමට, අවලංගු කිරීමට, සීමාවන් පැනවීමට හෝ අවහිර කිරීමට හැකිය. මෙය සිදු කිරීමට පෙර ඔබට දැනුම්දීමට අපි උත්සාහ දරන්නෙමු. කෙසේ වෙතත් පහත අවස්ථා යටතේ දී, ඉක්මණින්ම සේවාවේ සියල්ල හෝ කොටස් වෙත පිවිසීම සම්බන්ධව තාවකාලිකව හෝ ස්ථිරව සීමාවන් පැනවීම, අවලංගු කිරීම, අත්හිටුවීම සිදු කිරීමේදී අප විසින් ඔබට පූර්ව දැනුම්දීමක් නොකිරීමට ඉඩ ඇත:
(1) ඔබ, මෙහි ඇතුළත් කර ඇති ගිවිසුම්, ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශ කිසිවක් ඇතුළුව ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම් හෝ උල්ලංඝනය කිරීමට ආසන්න බවට Huawei විශ්වාස කරන්නේ නම්;
(2) ඔබ හෝ ඔබ වෙනුවෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකු වංචා සහගතව හෝ නීති විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් හෝ, Huawei වෙත සාවද්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු කිසිවක් සපයන්නේ නම්;
(3) වලංගු නෛතික ක්‍රියාවලිය යටතේ නීති බලාධිකාරය හෝ වෙනත් රජයේ නියෝජිතායතනවල ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස;
(4) පද්ධති හෝ දෘඩාංගයට හදිසි නඩත්තු වැඩ හෝ හදිසි යාවත්කාල ඇති විට; හෝ
(5) අනපේක්ෂිත තාක්ෂණික, ආරක්ෂාව පිළිබඳ, ව්‍යාපාර හෝ ආරක්ෂක හේතු නිසා.
ගිවිසුම කල් ඉකුත්වීම හෝ අත්හිටුවීම අක්‍රීය කිරීම හෝ අවසන් කිරීමෙන් පසු ක්‍රියාත්මක වීමට හෝ බලාත්මක වීමට ප්‍රකාශිත ගිවිසුමේ විධිවිධානවලට බලපෑමක් නොකරන අතර එම කල් ඉකුත්වීම හෝ අවසන් කිරීම පවත්වා ගැනීමට අරමුණු කළ උපචිත අයිතිවාසිකම් හෝ බැඳියාවන්ට පූර්ව විනිශ්චය නොවන්නේය.
ප්‍රකාශිතවම හෝ එහි ස්වභාවයෙන්ම ඉන් පසුව තවදුරටත් වලංගු යම් නියමයක් ඇත්නම්, නියමවල කොන්දේසි සැපිරෙන තෙක් හෝ එහි ස්වභාවය අනුව නියමය කල් ඉකුත් වන තෙක් ගිවිසුම අවසන් කිරීමෙන් පසුව පූර්ණ බලය සහිතව පවතිනු ඇත.
15. මෙම ගිවිසුමට සිදුවන වෙනස්කම්
Huawei නිරන්තරව සේවා නව්‍යකරණය, වෙනස් කිරීම සහ දියුණු කරමින් සිටී. Huawei විසින් ක්‍රියාකාරීත්වයන් හෝ විශේෂාංගයන් එක් කිරීමට හෝ ඉවත් කිරීමට, සේවාවන්ගේ නව සීමාවන් තැනීමට හෝ තාවකාලිකව හෝ ස්ථිරව සේවාවන්ගෙන් කිසිවක් අත්හිටුවීමට හෝ නැවැත්වීමට ඉඩ ඇත. Huawei විසින් සේවාවන්ගේ යාවත් කිරීම් මත පදනම්ව ඕනෑම මොහොතක ගිවිසුම නවීකරණය කිරීමට ද ඉඩ ඇත.
පරිශීලකයින්ට ප්‍රධාන වශයෙන් අවාසි ඇති කරන හෝ ඔවුන්ට සේවා වෙත පිවිසීම හෝ භාවිතා කිරීම ප්‍රධාන වශයෙන් සීමා කරන සේවා හෝ ගිවිසුම වෙත සිදුකරන වෙනස්කම් කිසිවක් පිළිබඳව සැලකිය යුතු කාල සීමාවකට කළින් අපි ඔබට දැනුම්දෙමු. ආරක්ෂක, සුරක්ෂිතතා, නෛතික හෝ නියාමන අවශ්‍යතාවයන් සැපිරීම පිණිස අප විසින් ගිවිසුම වෙත කෙරෙන වෙනස්කම් සඳහා අපට ඉහත සඳහන් කාල රාමු අනුගමනය කිරීමට නොහැකි වීමට ඉඩ ඇති අතර අපි හැකි ප්‍රායෝගිකම කාලය තුළ මෙම වෙනස්කම් පිළිබඳව ඔබ වෙත දන්වන්නෙමු.
16. පොදු නියම
සේවාවන් හෝ තෙවන පාර්ශ්වයන් අනෙක් වෙබ් අඩවි හෝ සම්පත් වෙත සබැඳි සපයනු ඇත. අපි එවැනි බාහිර වෙබ් අඩවි හෝ සම්පත්වල ලද හැකි බව පිළිබඳ වගකීම නොදරන එවැනි වෙබ් අඩවි හෝ සම්පත් මත ඇති හෝ ලද හැකි අන්තර්ගතයන්, වෙළෙඳ දැන්වීම්, නිෂ්පාදන හෝ වෙනත් දේ අනුමත කිරීම හෝ ඒවා පිළිබඳ වගකීම නොදරන බව ඔබ පිළිගෙන එකඟ වෙයි. එමෙන්ම එවැනි වෙබ් අඩවි හෝ සම්පත් මත හෝ තුළින් ලද හැකි එම අන්තර්ගතය, භාණ්ඩ හෝ සේවා කිසිවක් භාවිතා කිරීම හෝ ඒ මත විශ්වාසය තැබීම මගින් හෝ සම්බන්ධව ඇති කෙරෙන හානි හෝ පාඩු හෝ පිළිබඳව අපි වග නොකියමු.
ගිවිසුම තුළ කිසිවක් මගින් ඔබ හා Huawei හෝ වෙනත් පාර්ශ්වයක් අතර හවුල්කාරීත්වයක් හෝ නියෝජිතමය සම්බන්ධතාවයක් ඇති නොකරනු ඇති අතර කිසිදුපාර්ශ්වයකට කිසිදු බැඳීම් ණයක් හෝ පිරිවැයක් ඇති කිරීමට හෝ අනෙක් පාර්ශ්වය නමින් හෝ වෙනුවෙන් ගිවිසුම්වලට හෝ අනෙක් විධිවිධානවලට ඇතුල් වීමට නොහැකිය.
ගිවිසුම යටතේ එන Huawei හි බැඳීම් ක්‍රියාත්මක කිරීමේ අසාර්ථක බව හෝ ප්‍රමාදය සම්බන්ධව හෝ Huawei හි සාධාරණ පාලනයෙන් පිට කරුණු හේතුවෙන් ඇති වූ විධි විධාන සම්බන්ධව එය වගකියනු නොලැබේ.
Huawei විසින් ගිවිසුම යටතේ අපගේ අයිතිවාසිකම් සහ බැඳියාවන් අනුයුක්ත කිරීමට, උප-කොන්ත්‍රාත් දීමට හෝ නවීකරණය කිරීමට ඉඩ ඇත.
ගිවිසුමේ කිසියම් විධිවිධානයක් අදාළ අධිකරණ බලය සහිත අධිකරණයක් හෝ වෙනත් නිසි බලධරයකු විසින් අවලංගු බවට, බල රහිත බවට හෝ බලාත්මක කළ නොහැකි බවට පත් කරන ලද හොත්, එය මෙම ගිවිසුමෙන් මකා දැමූ බවට සැලකෙන අතර ගිවිසුමේ අනෙක් සියලු විධිවිධාන සම්පූර්ණ බලය සහිතව එලෙසම බල පැවැත්වෙනු ඇත.
සේවා සම්බන්ධව ඔබ සහ අප අතර ඇති සම්පූර්ණ අවබෝධය මෙම ගිවිසුම මගින් සංස්ථාපනය කරන අතර මෙම ගිවිසුමේ නොමැති කිසිඳු නියෝජනයක්, වගකීමක් හෝ පොරොන්දුවක් පදනම් කොටගෙන ඔබ විසින් මෙම ගිවිසුම විශ්වාසයට ගෙන හෝ ඊට ඇතුල්වීමට පෙළඹවී නොමැති බවට ඔබ වටහාගෙන එකඟ වන්නේය.
17. පාලනය කරන නීති හා අධිකරණ බල ප්‍රදේශය
ගිවිසුමේ සැකැස්ම, අර්ථ නිරූපණය සහ මෙහෙයවීම පාලනය වන්නේ සහ සම්ප්‍රයෝජනය වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ නීතිවලට අනුකූලවයි. ගිවිසුම අත්සන් කරන ලද්දේ මහජන චීන සමූහාණ්ඩුවේ ගුවැන්ඩොං පලාතේ, ෂෙන්සෙන්හි ලොංගැං දිස්ත්‍රික්කයේදී බවට ඔබ හා Huawei එකඟ වේ. ගිවිසුම ක්‍රියාත්මක වීමේදී දෙපාර්ශ්වය අතර මතුවන ඕනෑම මතභේදයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳේ. සාකච්ඡාව අසාර්ථක වුවහොත්, දෙපාර්ශ්වයටම ගිවිසුම අත්සන් කළ ස්ථානයේ යෝග්‍ය අධිකරණ බල ප්‍රදේශයක මහජන අධිකරණයේ නඩුවක් ගොනු කළ හැකිය.
ඔබ යුරෝපා සංගමයේ රටක ජීවත්වන පාරිභෝගිකයෙකු නම්, ඔබ පදිංචිව සිටින රටේ අනිවාර්ය නීති විධි විධාන කිසිවක් ඇත්නම් එමගින් ඔබට ප්‍රතිලාභ ලැබෙනු ඇත. ඉහත ඡේදයද ඇතුළත්ව මෙම නියමයන්ගේ කිසිවක් එවැනි අනිවාර්‍ය දේශීය නීතියේ විධිවිධාන මත විශ්වාසය තැබීමේ පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අයිතීන්ට බලපෑම් නොකරන්නේය. යුරෝපා කොමිසම ඔබට http://ec.europa.eu/consumers/odr/ දී පිවිසිය හැකි ඔන්ලයින් ආරවුල් විසඳීමේ වේදිකාවක් සපයයි. ඔබ කරුණක් අපගේ අවධානයට ලක් කිරිමට කැමති නම්, කරුණාකර අප අමතන්න.
18. අප ඇමතීම
ගිවිසුම සම්බන්ධව ඔබට ප්‍රශ්න කිසිවක් ඇත් නම් කරුණාකර hisuite@huawei.com දී අප හා සම්බන්ධ වන්න.
